ගොවිපල කළමනාකරණය සහ අනෙකුත් කටයුතු පහසු කිරීම සඳහා බෝපත්තලාව ගොවිපල බෝපත්තලාව සහ මැණික්පාලම ලෙස ගොවිපල දෙකකට වෙන් කිරීමට 2010 වර්ෂයේදී මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2012/2013 වසර වලදී කිරි ගවයින් ආනයනය කිරීම යටතේ, ගොවිපල නවීකරණය කර ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ෆ්‍රිසියන් සහ ජර්සි ෆ්‍රිසියන් දෙමුහුම් වර්ගවල කිරි ගවයින් 1,167 ක් මෙම ගොවිපල වෙත ලබා දෙන ලදී.
මෙම ගොවිපල මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර් 1676 ක උන්නතාංශයක පිහිටා ඇත. පසෙහි pH අගය 4.5 සිට 5.5 දක්වා වෙනස් වේ. සාමාන්‍ය වර්ෂාපතනය 2500mm සිට 3800mm දක්වා වන අතර දින 200 සිට 250 ඉක්මවා වැසි දින ගණනක් ලැබේ. මාසික සාමාන්‍ය උෂ්ණත්වය 18ºC සිට 28ºC දක්වා වන අතර අවම උෂ්ණත්වය 8ºC සිට 15ºC දක්වා වෙනස් වේ. පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්‍රී තුහින බහුලව දක්නට ලැබේ. ආර්ද්‍රතාවය 75%-85% වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා දරුණු කුණාටු සුළං සහ මීදුම සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක.