කරඳගොල්ල ගොවිපලේ මුළු භුමි ප්‍රමාණය හෙක්ටයාර 20.24 කි. මෙම ගොවිපල සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වූ අතර එය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට 1982 දී භාර දෙන ලදී. මෙයට පෙර මෙම ගොවිපල මධ්‍යම කුකුළු පර්යේෂණ ස්ථානය (C.P.R.S.) ලෙස හැඳින්විණි. කුකුළන් ඇති කරන ගොවීන් අතර හොඳ තත්ත්වයේ සතුන් බෙදා හරිමින් ඔවුන් ඇති කරනු ලබන දේශීය සතුන්ගේ ජාන විභවය වැඩිදියුණු කිරීම සඳහා 1960 දී CPRS පිහිටුවන ලදී. වර්තමානයේ මෙම ගොවිපල බ්‍රොයිලර් කුකුලන් අභිජනන ගොවිපලක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
කරඳගොල්ල ගොවිපල මහනුවර-මහියංගන මාර්ගයේ කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ මැණික්හින්න නගරයට ආසන්නව පිහිටා ඇත. වාර්ෂික වර්ෂාපතනය 1500mm සිට 1800mm දක්වා වෙනස් වේ. පාංශු වර්ගය රතු දුඹුරු ලැටොසොලික් සහ දුඹුරු පස් වේ. පසෙහි ph අගය 6 සිට 7 දක්වා වෙනස් වේ. ආර්ද්‍රතාවය 70% සිට 75% අතර වේ.