ඩයගම ගොවිපල

නුවරඑළිය දිස්ත්‍රික්කය

ක්ෂණික තොරතුරු

  • පළාත :මධ්‍යම පළාත
  • දිස්ත්‍රික්කය : නුවරඑළිය දිස්ත්‍රික්කය
  • කොළඹට ඇති දුර : 158km

ඇමතුම් තොරතුරු

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි අතර අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනයඩයගම ගොවිපල, ඩයගම

  • දුරකථන අංකය:+94 773 782 132

  • ෆැක්ස්:+94 515 672 180

  • විද්‍යුත් ලිපිනය: dayagamanldb@gmail.com

  • වෙබ් අඩවිය: www.nldb.gov.lk

ඩයගම ගොවිපල

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි අතර අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.
2013 වසරේදී මණ්ඩලය වෙත කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොවිපලේ නවීකරණ කටයුතු සිදු කරනු ලැබූ අතර ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ජර්සි වර්ගයේ කිරි ගවයින් 586 ක් ලබා දෙන ලදී.

2013 වසරේදී මණ්ඩලය වෙත කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොවිපලේ නවීකරණ කටයුතු සිදු කරනු ලැබූ අතර ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ජර්සි වර්ගයේ කිරි ගවයින් 586 ක් ලබා දෙන ලදී.

පස සහ දේශගුණය

මෙම ගොවිපල පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මීටර් 1676 ක උන්නතාංශයක ය. සාමාන්‍ය වර්ෂාපතනය 1500mm සිට 1700mm දක්වා වන අතර වැසි දින ගණන දින 100 සිට 150 දක්වා වේ. මාසික මධ්‍යස්ථ උෂ්ණත්වය 18°C සිට 26°C දක්වා අගයකි. ජනවාරි සහ පෙබරවාරි මාසවල රාත්‍රී කාලයේ තුහින බහුලව දක්නට ලැබේ. ආර්ද්‍රතාවය 75% සිට 85% දක්වා වන අතර සහ මැයි සිට සැප්තැම්බර් දක්වා දැඩි කුණාටු, සුළං සහ මීදුම සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක. පස රතු මැටි හා කළු මැටි පස යන පස් වර්ග වලින් යුක්ත වන අතර පසෙහි ඉහළ ස්ථර වල සාමාන්‍ය ප්‍රමාණයක් කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වේ. pH පරාසය 4.0 - 5.0 පරාසයටත් වඩා අඩුවන බැවින් පස බොහෝ දුරට ආම්ලික වේ

අරමුණු

• නවීන තාක්ෂණයෙන් යුත් කිරි නිෂ්පාදන ‌ගොවිපලක් පවත්වාගෙන යාම.

• නුමුහුම් ජර්සි වර්ගයේ ගව ප්‍රභේදය නඩත්තු කිරීම සහ ගොවීන්ට අභිජනනය සදහා සතුන් නිකුත් කිරීම.

• කිරි ගව කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහන් පැවැත්වීම.

• උපාධි අපේක්ෂකයින්ට / ඩිප්ලෝමාධාරීන්ට ගොවිපල තුල ප්‍රයෝගික පුහුණුව සඳහා පහසුකම් සැපයීම.

ගොවිපල කළමනාකාරිත්වය

  • වැඩ බලන කළමනාකරු:මහින්දරත්න මහතා
  • දුරකථන අංකය:+94 773 782 132