රොසිටා ගොවිපල රොසිටා වතුයායේ කොටසකි. මෙය සීමාසහිත සිලෝන් ටී ප්ලාන්ටේෂන්ස් නම් ස්ටර්ලින් සමාගමට අයත් තේ වත්තක්. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම වතුයාය ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ලැබීය. වත්මන් ගොවිපල පිහිටා ඇති රොසිටා වතුයායේ ලොක්හිල් කොට්ඨාශයේ වන අතර එය ඉල් පණුවන් ගහනය වීම හිතුවෙන් තේ වගා කිරීම නිෂ්ඵල ව්‍යායාමයක් ලෙස සැලකා අත්හැර දැමූ කොටසකි. එබැවින් හෙක්ටයාර 67 කින් සමන්විත රොසිටා වතුයායේ ලොක්හිල් කොට්ඨාශය 1977 මාර්තු මාසයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දෙන ලදී. වර්තමානයේදී මණ්ඩලය මෙම ඒකකය පශු සම්පත් -භෝග ඒකාබද්ධ ගොවිපලක් ලෙස කළමනාකරණය කරයි.
රොසිටා ගොවිපලෙහි පස රතු කහ Podzolic වර්ගය සහ එහි උප කාණ්ඩ වලට අයත් වේ. පසෙහි ආම්ලිකතාවය වර්ෂාපතනය වැඩි වීමත් සමඟ සාමාන්‍ය මට්ටමේ සිට ඉහල අම්ලිකතාවක් දක්වා වැඩි වීමට ප්‍රවණතාවයක් ඇත. ගොවිපලට වැසි දින 163 සිට 204ක මිලිමීටර් 2405 සිට 4179 දක්වා වර්ෂාපතනයක් ලැබේ. පසෙහි ඉහළ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ මධ්‍යස්ථ නයිට්රජන් ප්‍රමාණයක් ඇත. මෙම පසෙහි පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුය. මෙම පසෙහි කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩුය. පළතුරු බෝග සහ එළවළු සඳහා මෙම මූලද්‍රව්‍ය හුණුගල් ආකාරයෙන් පසට යෙදීම අවශ්‍ය වේ. මෙම පසෙහි ඇති හොඳ කැටායන හුවමාරු ධාරිතාව හේතුවෙන් මෙම කලාපයට ලැබෙන අධික වර්ෂාපතනය යටතේ වුවද රසායනික පොහොර හොද මට්ටමකින් රඳවා තබා ගැනීමට හැකි වේ. ගැඹුර, පාංශු වයනය සහ ජලවහනය සාමාන්‍යයෙන් හොඳයි.