නාරංගල්ල ගොවිපල

කුරුණෑගල දිස්ත්‍රික්කය

ක්ෂණික තොරතුරු

  • පළාත :වයඹ පළාත
  • දිස්ත්‍රික්කය : කුරුණෑගල දිස්ත්‍රික්කය
  • කොළඹට ඇති දුර : 93 km

ඇමතුම් තොරතුරු

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි වේ. අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනය නාරංගල්ල ගොවිපල, කිතලාව

  • දුරකථන අංකය:+94 373 157 400

  • ෆැක්ස් :+94 375 629 801

  • ඊමේල්: narangallanldb@gmail.com

  • වෙබ්: www.nldb.gov.lk

නාරංගල්ල ගොවිපල

මෙම ගොවිපල 1978 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දෙන ලදී. නාරංගල්ල ගොවිපල කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශය තුළ විසිරී ඇති බෙදුම් 03 කින් සමන්විත වේ. ගොවිපලෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 216.2 කි. 2002 වර්ෂයේදී ගල්පොකුණ ගොවිපලෙන් නාරංගල්ල, මැදව සහ දංගහකුඹුර යන බෙදුම් තුන වෙන්කර නාරංගල්ල ගොවිපල නිර්මාණය කරන ලදී. නාරංගල්ල ගොවිපලේ ප්‍රධාන බෙදුම කුලියාපිටියේ සිට නාරම්මල මාර්ගයේ කිලෝමීටර් 6ක් දුරින් පිහිටා ඇත.

පස සහ දේශගුණය

මෙම ප්‍රදේශයේ පසෙහි මැග්නීසියම් මූලද්‍රව්‍ය හැර අනෙකුත් ප්‍රධාන පෝෂක ප්‍රමාණවත් ප්‍රමාණයකින් පවතින බව නිරීක්ෂණය වේ. පස රතු කහ Podzolic කාණ්ඩයට අයත් වන අතර පසෙහි ආම්ලිකතාවයෙන් වැඩි නමුත් පොල් වගාවට සදහා හානියක් සිදු නොවේ. විවිධ වර්ෂාපතන තත්වයන් යටතේ වුවද අකාබනික පොහොර හොදින් පසේ රඳවා තබා ගැනීමට හැකිවන හොඳ කැටායන හුවමාරු ධාරිතාවකින් සහ ජල වහනයක් ඇත.