මැදමුල්ල, රාගෙදර, වාගොල්ල සහ වල්පොලයාය යන බෙදුම් හතරකින් සමන්විත මැල්සිරිපුර ගොවිපල 1976-1977 කාලය තුළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා ගන්නා ලදී. මැල්සිරිපුර ගොවිපල කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කුරුණෑගල සිට කිලෝමීටර් 28 ක් පමණ දුරින් පිහිටා ඇත.
මෙම කලාපයේ පස රතු කහ පොඩ්සොලික් පස් වර්ගයට අයත් වන අතර පාංශු ප්‍රතික්‍රියාවන් සාමාන්‍යයෙන් මධ්‍යස්ථ අගයක සිට ඉහල ආම්ලික අගයක් වන අතර වර්ෂාපතනය වැඩි වීමත් සමඟ ආම්ලිකතාවය වැඩි වීමට නැඹුරුක් ඇත. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ නයිට්රජන් ප්‍රමාණය මධ්‍යස්ථ වන අතර උන්නතාංශය සමඟ වැඩි වේ. පොස්පරස් සහ පොටෑසියම් තත්ත්වය සාමාන්‍යයෙන් අඩු වේ. මව් පාෂාණය සහිත ප්‍රදේශ වල පොටෑෂ් බහුලව පවතින අතරම පොටෑසියම්ද හොදින් ඇත. මෙම පසෙහි කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩු නමුත් මෙය රබර් වැනි බෝග වලට බරපතල ලෙස බලපාන්නේ නැත. ඇතැම් පළතුරු සහ එළවළු බෝග සඳහා මෙම මූලද්‍රව්‍ය යෙදීම අවශ්‍ය වේ. මෙම පසෙහි ඇති කැටායන හුවමාරු ධාරිතාව අධික වර්ෂාපතන තත්ත්වයක් යටතේ වුවද රසායනික පොහොර හොදින් රදවා තබා ගැනීමට හැකි වේ. පසේ ගැඹුරෙහි වයනය සහ ජලාපවහනය ඉතා හොඳ මට්ටමක ඇත. සාමාන්‍ය වර්ෂාපතනය 1600mm පමණ වේ. මධ්‍යස්ථ උෂ්ණත්වය 29ºC පමණ වේ. ආර්ද්‍රතාවය 75% සිට 80% දක්වා වෙනස් වේ.