කොවුල්වැව ගොවිපල

කුරුණෑගල දිස්ත්‍රික්කය

ක්ෂණික තොරතුරු

  • පළාත :වයඹ පළාත
  • දිස්ත්‍රික්කය :කුරුණෑගල
  • කොළඹට ඇති දුර : 86 km

ඇමතුම් තොරතුරු

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි අතර අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනයකොවුල්වැව ගොවිපල, නාරම්මල

  • දුරකථන අංකය:037 729 4112/077 772 1984

  • ෆැක්ස්:+94 372 249 284

  • විද්‍යුත් ලිපිනය: koulwewanldb@gmail.com

  • වෙබ්: www.nldb.gov.lk

කොවුල්වැව ගොවිපල

කොවුල්වැව ප්‍රධාන බෙදුම නාරම්මල-කුලියාපිටිය මාර්ගයේ නාරම්මල නගරයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරින් පිහිටා ඇත. කොවුල්වැව ගොවිපල බෙදුම් හතරකින් සමන්විත වේ. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතත් සමඟ එම දේපළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ඇති අතර 1976 දී මෙම ඉඩම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දෙන ලදී. මුවන්හෙල බෙදුම ජේ.එල්.ඩී. පීරිස් මහතා සතුව පවතී අතර පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරිණි. පොල්පත්තල බෙදුමද පුද්ගලික අයිතියක්ව පැවති අතර එයද පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා තිබුණි. 1976 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පොල්පත්තල බෙදුම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දුන් අතර සමූපකාර සමිතියක් මඟින් කළමනාකරණය කරන ලද මුවන්හෙල බෙදුමද 1978 දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දෙන ලදී.

පස සහ දේශගුණය

මෙම කලාපයේ පස රතු කහ පොඩ්සොලික් සහ ඒවායේ උප කාණ්ඩවලට අයත් වේ. වර්ෂාපතනයේ වැඩි වීමත් සමඟ පසෙහි ආම්ලිකතාවය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති අතර පසේ අම්ලිකතව මධ්‍යස්ථ අගයක සිට උපරිම අගය දක්වා වෙනස් වේ. ආදර්ශ කාණ්ඩයේ කාබනික ද්‍රව්‍ය සහ නයිට්‍රජන් පමණය මධ්‍යස්ථ වන අතර උන්නතාංශය සමඟ වැඩි වේ. පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණය ආදර්ශ කාණ්ඩයේ මෙන්ම අදාළ උප කාණ්ඩවල සාමාන්‍යයෙන් අඩුය. මව් පාෂාණය පොටෑෂ් ෆෙල්ඩ්ස්පාර් වලින් පොහොසත්ය. පොටෑසියම් තත්ත්වය සාමාන්‍ය මටිටමේ පවති. මෙම පසෙහි කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩු නමුත් මෙය රබර් වැනි බෝග වලට බරපතල ලෙස බලපාන්නේ නැත. මෙම පසෙහි ඇති ඉහල කැටායන හුවමාරු ධාරිතාව නිසා මෙම පාංශු කලාපයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්ව යටතේ වුවද රසායනික පොහොර සතුටුදායක මට්ටමින් රඳවා තබා ගැනීමට හැකි වේ. ප්‍රධාන වැවිලි භෝග සම්බන්ධයෙන් පසේ ගැඹුර, වයනය සහ ජලවහනය ඉතා හොඳය. මෙම පසෙහි හොඳ ව්‍යුහාත්මක හැකියාව නිසා පාංශු ඛාදනය බරපතල බලපෑමක් ඇති නොකරයි. කෙසේ වෙතත්, බෑවුම් සහිත ප්‍රදේශ සදහා පාංශු ඛාදනය වැළැක්වීමේ පියවර අවශ්‍ය වේ.