කොට්ටුකච්චිය ගොවිපල

එළු ගොවිපල

ක්ෂණික තොරතුරු

  • පළාත :වයඹ පළාත
  • දිස්ත්‍රික්කය :පුත්තලම දිස්ත්‍රික්කය
  • කොළඹට ඇති දුර : 126 km

ඇමතුම් තොරතුරු

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි අතර අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනයකොට්ටුකච්චිය ගොවිපල, ආණමඩුව

  • දුරකථන අංකය:+94 327 294 156

  • ෆැක්ස්:+94 325 676 807

  • විද්‍යුත් ලිපිනය: nldbkottukachchiya@gmail.com

  • වෙබ් අඩවිය: www.nldb.gov.lk

කොට්ටුකච්චිය ගොවිපල

කොට්ටුකච්චිය ගොවිපල 1963 දී ආරම්භ කරන ලද අතර එය කුරුණෑගල- පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආණමඩුව නගරයේ සිට කිලෝමීටර 6 ක් දුරින් පිහිටා ඇත. මෙම ගොවිපලෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 344 කි. මෙම ගොවිපල කොට්ටුකච්චිය නමැති එළු ප්‍රභේදයේ තිඹිරිගෙය ලෙස සලකයි. එක් අවස්ථාවකදී මුළු ගොවිපලම ecto සහ endo පරපෝෂිතයන්ගෙන් ආසාදනය වූ අතර මෙම උවදුර පාලනය කිරීමේ පියවරක් ලෙස කොට්ටුකච්චිය ගොවිපලේ එළු ව්‍යාපෘතිය නතර කරන ලදී.

එළු ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කොට්ටුකච්චිය ගොවිපලේ ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා කිලාරි වර්ගයේ ගවයින් මෙම කොට්ටුකච්චිය ගොවිපලට මාරු කරන ලදී. මෙම ගව ගහනය වඩා හොඳන් කළමනාකරණය කිරීම සඳහා සහ වැලිකන්ද ගොවිපල තුල කළමනාකරණය කළ හැකි මට්ටම දක්වා අඩු කිරීම සඳහා කොට්ටුකච්චිය ගොවිපල වෙත මාරු කරන ලදී. පසුව නැවතත් එම කිලාරි ගව රංචුව වැලිකන්ද ගොවිපලට මාරු කර යවන ලදී. වර්තමානයේදී අඩු නිෂ්පාදන විභවයක් සහිත ගවයින් සහ මී ගවයින් නඩත්තු කරන අතර මෙම ගොවිපල 2012 වන විට එළුවන් ඇති කරන ගොවිපලක් ලෙස සංවර්ධනය කෙරේ.

පස සහ දේශගුණය

දේශගුණය ශුෂ්ක ස්වභාවයක් ගන්නා අතර සාමාන්‍ය උෂ්ණත්වය 30ºC-40ºC ආර්ද්‍රතාවය 91% ක් පමණ වන අතර ප්‍රදේශයට මිලිමීටර් 860 ක වර්ෂාපතනයක් ලැබේ.