ගල්පොකුණ ප්‍රධාන බෙදුම මාදම්පේ-කුලියාපිටිය මාර්ගයේ උඩුබද්දාව නගරයේ සිට කිලෝමීටර් 2ක් දුරින් පිහිටා ඇත. ගල්පොකුණ සහ එහි අනෙකුත් බෙදුම් පෞද්ගලික අංශයට අයත් විය. ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය සමඟින් මෙම වතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ගැනීමෙන් පසුව කුලියාපිටිය සමූපකාර සමිතිය මගින් කළමනාකරණය කරන ලදී. 1978 වර්ෂයේදී ගල්පොකුණ සහ එහි බෙදුම් පරිපාලනය සහ කළමනාකරණය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට භාර දෙන ලදී.
මෙම කලාපයේ පස රතු කහ පොඩ්සොලික් වර්ගයට සහ ඒවායේ උප කාණ්ඩවලට අයත් වේ. වර්ෂාපතනය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති මෙම කලාපයේ පසෙහි අම්ලිකතාව මධ්‍යස්ථ සිට ඉහල අගයක් අතර වේ. පසෙහි කාබනික ද්‍රව්‍ය සහ නයිට්‍රජන් තත්ත්වය මධ්‍යම වන අතර උන්නතාංශය සමඟ වැඩි වේ. පොස්පරස් සහ පොටෑසියම් තත්ත්වයද අදාළ උප කාණ්ඩවලද සාමාන්‍යයෙන් අඩුය. මව් පාෂාණ පොටෑෂ් ෆෙල්ඩ්ස්පාර් වලින් පොහොසත් වන පසෙහි පොටෑසියම් තත්ත්වය තරමක් යහපත් වේ. කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩු නමුත් මෙම පසෙහි කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩු නමුත් මෙය රබර් වැනි භෝග වලට බරපතල ලෙස බලපාන්නේ නැත. මෙම පසෙහි ඇති හොඳ කැටායන හුවමාරු හැකියාව නිසා මෙම කලාපයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්ව යටතේ වුවද රසායනික පොහොර ඉතා හොදින් රඳවා ගැනීමට හැකි වේ. පොදු වැවිලි භෝග සදහා මෙම පසෙහි ගැඹුරේ වයනය සහ ජලාපවහනය අතිශයින්ම යෝග්‍ය වේ . මෙම පසෙහි හොඳ පාංශු ස්ථායිතාව නිසා පාංශු ඛාදනය බරපතල හානියක් ඇති නොකරයි. කෙසේ වෙතත්, බෑවුම් සහිත ප්‍රදේශ වලට පාංශු ඛාදනය වැළැක්වීමට පියවර ගැනීම අවශ්‍ය වේ.