බෝපතලාව ගොවිපළ

නුවරඑළිය දිස්ත්‍රික්කය

ක්ෂණික තොරතුරු

  • පළාත : මධ්‍යම පළාත
  • දිස්ත්‍රික්කය : නුවරඑළිය
  • කොළඹට දුර : 143 km

විමසීම්

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි වේ. අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනය :

  • දුරකථනය : 074 090 2544/ 051 223 0254

  • ෆැක්ස් : +94 512 230 254

  • විද්‍යුත් තැපෑල : bopaththalawa@gmail.com

  • වෙබ් : www.nldb.gov.lk

බෝපතලාව ගොවිපළ

මෙම ගොවිපල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරන ලද අතර පසුව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරන ලදී. 1992 වර්ෂයේදී මෙම ගොවිපළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා ගන්නා ලදී. ගොවිපළ පවරා ගන්නා අවස්ථාවේදී කිරි නිෂ්පාදනය කිරීමට සහ ගොවීන්ට අභිජනනය සදහා සතුන් නිකුත් කිරීම සදහා හොල්ස්ටයින් ෆ්‍රීසියන් සහ ෂෝර්ට් හෝන් දෙමුහුම් සතුන් නඩත්තු කරන ලදී.

2013 වසරේ කිරි ගවයින් ආනයනය කිරීම වැඩසටහන යටතේ ගොවිපළ නවීකරණය කර ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ෆ්‍රීෂියන් හා ජර්සි X ෆ්‍රීෂියන් දෙමුහුම් වර්ගවල කිරි ගවයින් 247ක් නඩත්තු කරන ලදී.

පස සහ දේශගුණය

මෙම ගොවිපල මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර් 1676 ක උන්නතාංශයක පිහිටා ඇත. පසෙහි pH අගය 4.5 සිට 5.5 දක්වා වෙනස් වේ. සාමාන්‍ය වර්ෂාපතනය 2500mm සිට 3800mm දක්වා සහ වැසි දින 200 සිට 250 දක්වා වෙනස් වේ. මාසික සාමාන්‍යා උෂ්ණත්වය 18ºC සිට 28ºC දක්වා අතර සහ අවම උෂ්ණත්වය 8ºC සිට 15ºC දක්වා වෙනස් වේ . පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්‍රී තුහින බහුලව දක්නට ලැබේ. ආර්ද්‍රතාවය 75%-85% වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා දරුණු සුළං කුණාටු සහ මීදුම සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක.

අරමුණු

• නවීන කිරි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යාම.

• ෆ්‍රීෂියන් හා ජර්සි X ෆ්‍රීෂියන් දෙමුහුම් ගවයින්ගේ නුමුහුම් රැලක් නඩත්තු කිරීම සහ කිරි ගොවීන්ට අභිජනනය සදහා සතුන් නිකුත් කිරීම.

• කිරිගව කළමනාකරණ පිළිබද පුහුණු වැඩසටහන් පැවැත්වීම.

• උපාධි අපේක්ෂකයින්ට / ඩිප්ලෝමාධාරීන්ට ගිවිපල අභ්‍යන්තර පුහුණුව සඳහා පහසුකම් සැපයීම.